මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් පත් කෙරේ

    නොවැම්බර් 26, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත්කර තිබේ.

    ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර, මධ්‍යම පළාත සඳහා එරික් ප්‍රසන්න වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර, යන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් ද පොලොන්නරු දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී ලෙස ප්‍රේමසිරි මුණසිංහ මහතා ද පත්කර ඇත.

    ඒ අනුව ඔවුන් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya