මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Great November revolution "කෘතිය එළිදකී

    නොවැම්බර් 25, 2015

    දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත "Great November revolution " කෘතිය එළදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (24) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    "Great November revolution " ග්‍රන්ථයේ කර්තෘවරයා වන දිනේශ් වීරක්කොඩි මහතා ප්‍රකට ආර්ථීක විශ්ලේෂකයෙකු වන අතර වර්තමාන සමගි සංධාන රජය බිහිකිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ විද්වතෙකු ද වේ.

    අතීත විප්ලවයේ මතක සටහන් අමතක නොකරමින් එය නැවත සිහි ගන්වමින් වර්තමානය වෙනුවෙන් කළ යුතු දේ අනාගතය වෙනුවෙන් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    විප්ලවය ආරක්ෂා කර ගනිමින් අනාගතය වෙනුවෙන් කළ යුතු කාර්යයන් නිවැරදිව හඳුනා ගෙන ඉටු කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කිරීම ද විප්ලවයක් බවත්, ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරිම සඳහා වත්මන් රජය පත් වූ බවත්ය. එය සිහි තබා කටයුතු කළ යුතු බව ත්, බලය ලබා ගැනීම පසහු කාර්යයක් වූව ද එය ක්‍රියත්මක කිරීම මහත් අපහසු කාර්යයක් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, රාවුෆ් හකීම්, පාඨලි චමිපික රණවක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ඇතුළු මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya