මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති වර්ධනයට රාජ්‍ය හ පෞද්ගලික අංශයේ දායකවීම අවශ්‍යයයි

    නොවැම්බර් 25, 2015

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ වැඩි වර්ධනයක් ඇති කර ගැනීම සඳහා කරන වැඩසටහන්වලදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වය අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    අප රටේ තිබෙන ස්වභාවික දායාදයන් අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වැඩි අවස්ථාවක් හිමිව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ සඳහා ආයෝජකයින් දිරි ගැන්වීම සහ උනන්දු කරවීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2015 ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    බලශක්ති ක්ෂේත‍්‍රය කාලානුරූපව ඉතා වැදගත්, ප‍්‍රමාද කළ නොහැකි මෙන්ම වඩා කඩිනම් පියවර ගත යුතු ක්ෂේත‍්‍රයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා බලශක්ති සඳහා විදේශයන්ට වැය කරන විශාල මුදල ඉතිරි කර ගැනීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.

    පෞද්ගලික ආයතන තුළ මෙන්ම රාජ්‍ය ආයතන තුළද විදුලිය කළමනාකරණය පිළිබඳ වගකීම් පැවරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    මෙරට බලශක්ති සංරක්ෂණය උදෙසා දායකත්වය සැපයූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    තිරසාර බලශක්තිය උදෙසා සිය වෘත්තීය ජීවිතය තුළ සිදු කළ දායකත්වයන් උදෙසා ඇගයීම් සම්මාන ද ජනාධිපතිතුමා අතින් ප‍්‍රදානය කෙරිණි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ජේ.බී.කේ. වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya