මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් ගොවිතැනක් අපි ගොඩනගනවා-පූජ්‍ය අතුරලියේ රතන හිමි

    නොවැම්බර් 24, 2015

    පොහොර සහනාධරයට වඩා අලුත් වැඩපිළිවෙලක් මේ රජය සකස් කර තිබෙන බවත් අලුත් ගොවිතැනක් ගොඩනැගීමට කටයුතු කරන බවත් රට හදන්න අපේ ගොවිතැන හැදිය යුතු බවත් ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ විසර්ජන පනත් කෙටුම්පත
    දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි දින විවාදයේ අඳහස් දක්වමිනි.

    පොහොර සහනාධරයට වඩා අලුත් වැඩපිළිවෙලක් මේ රජය සකස් කර තිබෙනව. එය ඵලදායි ලෙස ගෙන යා යුතුයි.අද ග්ලයිෆොසෙඩ් නවත්වන්නට අපට පුළුවන් වී තිබෙනවා. අපි මරා දාපු පස නැවත සජීවීකරණය වී තිබෙනවා.අද ජල පෝෂක ප්‍රදේශ වසවලින් වැසී තිබෙන්නේ.

    වී මිලදී ගැනීමට මේ රජය යම් ප්‍රායෝගික මුදලක් යොදා තිබෙනව.ඊළඟ යල හ මහ කන්නයේ දී බිත්තර වී යොදලා ගොවිතැන් කරන්න ජාතික සැලැස්මක් සකස් කර තිබෙනව.අද ලෝකයේ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා, ඉඩම් පරිභෝජනය පිළිබඳව.ඉඩම් පරිභෝජනය කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව මම යෝජනා කරනවා.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපරිකයන් සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනව.ඉඩම් පරිහරණයට සූක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍යයි.

    මේ අයවැය මඟින් ඩඩ්ලි සේනානයක මැතිතුමගේ හරිත විප්ලවය පදනම් වූ තිරසර සංවර්ධන උපාය මර්ග යටතේ වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්  ඇති කරනව. අලුත් ගොවිතැනක් අපි ගොඩනගනව.අපේ රට හදන්න, අපේ ගොවිතැන හැදිය යුතුයි'' යැයි ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya