අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 21, 2015

    මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    විද්‍යාලයට සපැමිණි ජනාධිපතිතුමා සිසු දරුවෝ මහත් උද්යෝගයෙන් යුතුව පිළිගත් අතර විද්‍යාලීය ශිෂ්‍ය භට බලකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමාට පිරිනැමිණි.

    අධ්‍යාපනය සදහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් මෙවර අයවැය තුළින් වෙන් කළ බව ජනාධිපතිතුමා මෙම උත්සයේදී පැවසීය.

    2014 වසරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන්ට ද පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස. උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වු දරුවන්ට ද ජනාධිපතිතුමා අතින් තිලිණ ප්‍රදානය කෙරිණි.

    එමෙන්ම නිවාඩු නොලබා සේවය කළ ගුරුභවතුන් ද ඇගයීමට ලක් කෙරිණි.
    විදුහල්පති සිසිර ගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිලිණයක් පිළිගන්වනු ලැබීය.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් විද්‍යාල පරිශ්‍රයේ සදුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පළාත් සභා මැති ඇමතිවරුන් පිරිසක් සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදී සිසුන්, දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya