අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කරන්නේ නැතිව ඉදිරි සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකියි

    නොවැම්බර් 21, 2015

     ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කරන්නේ නැතිව ඉදිරි සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකි බව පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මෙය ඓතිහාසික අයවැයක්. ඓතිහාසික සංදර්භය මත තියා කතාකරන්න ඕනෑ.ආර්ථික සංවර්ධනය සමඟ යහපාලනය එකට බැදී තිබෙනවා.

    අපි ඉදිරිපත් කරන්නේ නිකම් ම නිකන් සටන්පාඨ නොවේ. දරාගත නොහැකි ණය බරක් අපට උරුම උණා. ඵලදායි නොවන ආයෝජන රටට බරක් වුණා. ආකාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යාපාර පද්ධතියක් නඩත්තු කරන්න සිද්ධ වුණා. දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක බරක් අපට දරන්නට සිදු උණා. ඥාති සංග්‍රහය, බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් වුණා.

    මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ මහා වෙනස පිළිබඳ සමාජ කතිකාවක් කරන්නට. හංගාගෙන මහජනතාවට හොරෙන් නැතුව, සමාජ සංවදයකට යන්නයි කටයුතු කරන්නේ.

      විශ්‍රාම අරමුදල් ඇතුළු අලුත් පරිපාලනයක් අවශ්‍ය වී තිබෙනවා. විශ්‍රාම පාරිතෝෂික අරමුදල අරමුදල පාර්ලිමේන්තුවට වගකියන ලෙසයි හදන්නේ. විශාල පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් නඩත්තු කරනවා. මේවා නවීකරණය කරන්නේ නැද්ද?මේව සම්බන්ධයෙන් බොහෝම ප්‍රතිව්‍යුහ ගතකරණ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා.

    අපේ සෑම ගමකටම පොදු පහසුකම් නැංවීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.අපේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කරන්නේ නැතිව ඉදිරි සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකියි.

    අධ්‍යාපනය සම්බන්ධයෙන් විවාදයෙන් තොරව ප්‍රසංශාවක් හිමිව තිබෙනවා. විශාල මුදලක් වෙන් කර තිබෙනවා.අධ්‍යාපනය වෙන් කරන ප්‍රතිපාදන වැඩිකරන්න කියා පෙළපාලි ගියා.පසල් පද්ධතිය නවීකරණය කරන්න,ගුරුවරුන්ගේ ගුණාත්මභාවය වැඩිකරන්න
    යොදවන්න පුළුවන්.අපි ජනප්‍රියවාදයට යටවන්නේ නැතිව යථාර්ථය දෙස බලන්න ඕනෑ, අද අධ්‍යාපනය නිදහස් ද? නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගත් ගුරුවරු පෞද්ගලික පන්ති දානවා.එසේනම් අද නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනත් තැනක ස්ථාපිත කරන්න ඕනෑ.
    නිදහස් අධ්‍යාපනය අහිමි කරන්නේ නෑ. විශ්වවිද්‍යාල පද්ධතිය පුද්ගලීකරණය කරන්න බලාපොරොත්තුවන්නේ නෑ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya