අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක්

    නොවැම්බර් 21, 2015

    ගෝලීය ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය බද්ධ කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යය නිරෝෂන් පෙරේරා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අපේ රට නැවතත් ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙනියෑමට අඬිතාලමක් දමා තිබෙනවා.අපිට මේ රටේ සීමිත ජනතාවක් සිටින වෙළඳපොළ ලෝක ආර්ථික බලවතුන් වන ඉන්දියාව,චීනය වැනි රටවල් සමඟ බද්ධවී ඔරොත්තු දිය හැකි
    ආර්ථිකයක් මේ රටේ සංවර්ධනය කර යුතුයි.

     

    අපි කාර්යක්ෂම විය යුතුයි.උගතුන් බිහිකිරීමට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉතාම ඉක්මනින් අවධානය යොමුකර ශක්තිමත් අනාගත පරපුරක් සඳහා අයවැයෙන් අඬිතාලමක් දමා තිබෙනවා.

     

    නවීන තාක්ෂණය,තරුණ ජවය ගෝලීය පිහිටීම යන කාරණ උපයෝගී කරගෙන අප රට දියුණු රටක් බවට පත් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් ශක්තිමත් කර නව ආර්ථික පිම්මක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya