අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ගොඩනගන්න මෙවර අයවැයෙන් අඬිතාලමක් දමා තිබෙනවා

    නොවැම්බර් 21, 2015

    රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් අඬිතාලමක් දමා තිබෙන බවත් ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    අපි ආර්ථික සංදර්ශන කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ගිය රජය ආර්ථික සංදර්ශන කළා.දින සියයේ වැඩපිළිවෙල තුළ දුන් සහන නිසා ආර්ථිකයට විශාල අඬිතාලමක් දැම්මා. සියයට 6%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා.

     

    අපේ රටතුළ රැකියා උත්පාදනය කරලා රටේ ආදායම වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා.රටේ ඇත්ත තත්ත්වය ඔක්කෝම දන්නවා. ජනතාව විශ්වාස කර බලය ලබාදුන්නා.කළ වැරදි නිවැරදි කරමින් රට ගොඩගන්නට කටයුතු කරනවා.රැකියා දසලක්ෂය
    අතිකරන්නට කර්මාන්තපුර මත්ස්‍ය කලාප දහයක් අතිකරන්න බලාපොරොත්තුවෙනවා .2002 දී සෘණ ආර්ථිකයක් ඇති රට බාරගෙන අගමැතිතුමාට පුළුවන් වුණා ධන ආර්ථිකයක් කරන්නට.

     

    අවුරුදු 15ක් ගිහිල්ලා තියෙනවා අපේ අපනයනය දෙගුණයක් කරන්න. සැමගේ සහාය අවශ්‍යයි. අපි වැදගත් විදියට අපේ අයවැය වාර්තාවේ වරදක් තිබෙනවානම් ආර්ථිකයට යමක් එකතු කරන අදහස් එකතු කරලා, රටේ සංවර්ධනය ඇති කරන්නට දායකත්වය
    ලබාදෙන්න.අගාධයකට වැටිලා තිබෙන අපේ රට ණය උගුලෙන් බේරාගෙන තරුණයන්ට රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙළ දියත් කරන්න අවශ්‍යයියැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya