අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්පත් බෙදා හරින්නේ පොදු ජනතාවටයි

    නොවැම්බර් 21, 2015

    රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බවත්,පෞද්ගලිකකරණයට වුවමනාවක් නොමැති බවත් සමාජ වෙළඳ පොළ ආර්ථිකයකට ගමන් කරන බවත් සම්පත් බෙදා හරින්නේ පොදු ජනතාවට බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අපිට කොලේ වහලා වැඩකරනවාට වඩා කෙලින් වැඩකරන්නට පුළුවන්.සංවර්ධනය යථාර්තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.අපිට පෙණුනා ආර්ථික ලෙඩාට ලෙඩ ගොඩක් තිබෙන බව.මේ ලෙඩ සුව කරන්න ඉතාම අමාරුයි.අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික ප්‍රකාශයයි අයවැයයි සම්බන්ධයි.

    ආණ්ඩුවට රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්.රට යන දිශානිතිය තීරණය වන්නේ අයවැය මඟින්.එදා සම්පත් බෙදා හැරියේ පවුලකට.අපි කොහෙද දැන් ඉන්නේ කියලා බලන්න ඕන. පුම්බන සංඛ්‍යා ලේඛනවලින් එක එක දේවල් පෙන්නුවා.තිත්ත ඇත්ත කිය දිය යුතුයි.රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕන.සමහර අය වැරදි කෝණයෙන් බලනවා.පෞද්ගලික කරණයට වුවමනාවක් නෑ.අපේ ප්‍රතිපත්තිය වෙනස් වී තිබෙනවා.

    මෙය ඓතිහාසික අවස්ථාවක් .ප්‍රධාන පක්ෂ දෙක එකතු වී තිබෙනවා. මෙය පළමු හා අවසන් අවස්ථාවයි.මේ රට සිංගප්පූරුවක් කරමු කිව්වා.අපි අවංක වෙමු.අපි ලංකාව හදමු යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya