අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි බෝගවලට සිදුවන හානී වෙනුවෙන් කෘෂි රක්ෂණය තුළින් වන්දි

    නොවැම්බර් 21, 2015

    වන අලින්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානී වෙනුවෙන් කෘෂි රක්ෂණය තුළින් වන්දි ගෙවීමට පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    පසුගිය වසර පහක පමණ කාලයක සිට අලි මිනිස් ගැටුම උග්‍ර අතට හැරුණු අතර එමගින් අදටත් මිනිස් ජීවිත මෙන් ම අලි සම්පත ද විනාශ වෙමින් පවතින බව ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    අලින්ගෙන් සිදුවන හානි පිළිබන්ද ලැබෙන වාර්තා අනුව අලුත් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බවත් අලින්ට හක්කපටස්, වස දීම සිදු කළ හොත් අපරාධ අංශ සමඟ පරික්ෂා කොට සොයාබලන්නට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya