අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් නිවාස ඒකක යෝජනා වැඩපිළිවෙළක්

    නොවැම්බර් 20, 2015

    අඩුඅදායම් ලාභීන් සඳහා වසරක් තුළදී නිවාස ලක්ෂයක් ලබාදීමට 2016 අයවැය යෝජනා කර තිබෙන අතර ඒ සඳහා භාවිතයට නොගත් රජයයේ ඉඩම් නිදහස් කෙරේ.

    මැද මට්ටමේ හා රජයේ නිලධාරීන් සඳහා එක්ලක්ෂ පනස් දාහක් සහ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට නිවාස ඒකක 5000ක් ලබා දීමට හා ඒවා මිලදී ගැනීමට සහන ණය මුදල් ලබා
    දීමට යෝජනා කර තිබේ.

    එක් මැතිවරණ කොට්ඨාසයක (වර්ග අඩි 500) නිවාස 1,000ක් රුපියල් බිලියන 4,500ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

    ඉදිකිරීම්වලදී විදේශ සමාගම් දේශීය කොන්ත්‍රාත්කරුවන් සමඟ වැඩ කළ යුතු බවට යෝජනා කර තිබේ.

    ගැඹුර මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ආනයන වියදම් බදු රහිත කිරීමට යෝජනා විය.

    ආගන්තුක සත්කාර පුහුණු පාඨමාලා ( මාස 3කට වැඩි ) ගාස්තු උපරිම රුපියල් 15000කට යටත්ව සියයට 50ක් රජය මඟින් ගෙවනවා. ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ පුහුණුවන ශ්‍රමිකයින්ට රුපියල් 10,000 මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya