අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් කිරිපිටි මිල පහළට- ධීවර හා කර්මාන්ත සහන

    නොවැම්බර් 20, 2015

    කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 295 දක්වා අඩු කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

    ධීවර ක්ෂේත්‍රය-

    ධීවර ටින් මාළු කර්මාන්තයෙදී පෞද්ගලික අංශය දිරිමත් කිරීම හා ධීවරයින් සඳහා රුපියල් මිලියනයක ජිවිත රක්ෂණයක් ලබාදීම යෝජනා වී තිබේ.

    දේශීය ධීවර කර්මාන්ත සඳහා ධීවර වරායන් ශීතාගාර වැනි පහසුකම් ඇති කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කිරීම මෙවර අයවැයෙන් යෝජනා විය.

    කර්මාන්ත-

    සියලුම වැවිලි සමාගම් කොටස් වෙළෙඳ පොළේ ලියා පදිංචි කිරීමට යෝජනා විය.

    තේ කර්මාන්ත ගැටලු විසඳීමට ක්‍රියාකාරි කමිටුවක් ඇති කිරීමට යෝජනා වී තිබෙන අතර රබර් වලට ආනයනය සඳහා වසර 2ක බදු නිදහසක් ලබා දීමට යෝජනා විය.

    තේ අපනයනයෙදී ‘ශ්‍රී ලංකා තේ‘ යනුවෙන් නාමකරණය කිරීම අනිවාර්ය වේ.

    වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

    ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කිරීම සඳහා මිලියන 21,000ක් වෙන් කිරීමට යෝජනා වූ අතර එක් ග්‍රාම සේවා කොට්ඨාසයකට මිලියන 1,500ක් බැගින් වෙන් කිරීම.

    කුඩා වැව් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීම සිදු වේ.

    වව්නියාවේ ආර්ථික කලාපය වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා විය.

    මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම හා ළමා රක්ෂණයට රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා විය.

    රත්තරන් ආනයනය සඳහා බලපත්‍ර 50ක් ලබා දීමට යෝජනා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya