අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සහන

    නොවැම්බර් 20, 2015

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් ප්‍රාග්ධන හා ණය ලබා දීම සඳහා අරමුදල් ඇති කිරීම වෙනුවෙන් ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර පනතක් ගෙන ඒමට නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා වී තිබේ.

    ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමට තෝරාගත් මූල්‍ය ආයතන එකතු වී ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක අරමුදලක් ඇති කිරීමට යොජනා විය. සහන පොලී යටතේ ඇමෙරික් ඩොලර් මිලියන 100ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට යෝජනා කර තිබේ.

    මුළු වටිනාකමින් 75%ක ඇපයක් තැබීමට මෙහිදී අවස්ථාව ලබා දෙනු ඇත.

    කාර්මික උද්‍යාන ඇති කිරීම -
    මේ සඳහා යාපනය, පුත්තලම, වන්නි කිලිනොච්චි ප්‍රදේශ යෝජනා විය. ඒ සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට නියමිතය.

    කෘෂිකර්මය-

    බීජ රෝප ද්‍රව්‍ය නිෂ්පාදනයට රජයේ ප්‍රයෝජනට නොගත් ඉඩම් ලබා දීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා විය. කෘෂිකර්ම යන්ත්‍ර ආනයන බදු ඉවත් කිරීම, උසස් තත්ත්වයේ ගබඩා ඇති කිරීමට යෝජනා කර තිබෙන අතර පොලොන්නරුව, කිලිනෝච්චිය ඇඹිළිපිටිය යන ප්‍රදේශ ඉදි කිරීම සිදු විය.

    එසේම ගොවීන්ගෙන් කිරී සම්බා වී රුපියල් 50ක්, සම්බා රුපියල් 41ක්, නාඩු රුපියල් 38 කට මිල දී ගැනීම යෝජනා වූ අතර එවිට සහල් කිලෝවක් ර 65කට මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

    සහන අපනයනය සඳහා විදෙස් පොළෙඳ පොළ ශ්‍රී ලාංකික සන්නාමයක් හඳුන්වා දීම , පොහොර සහනාධාරය සුළු පරිමාන ගොවීන් ලබා දීම , හෙක්ටර් යාර් 1ට රුපියල් 25000ක උපරීමයකට යටත්ව මුදල් ලබා දීමට යෝජනා විය. මේ සඳහා රු මියල 37500ක් වෙන් කර තිබේ.

    එළවළු පළතුරු වගාව -

    පළතුරු විජලනය හා ටින් කර්මාන්තය ලංකාව තුළ නොදියුණු බැවින් ඒ ආශ්‍රිත ව්‍යවසායකයින්ට ණය 50%ක පොලී සහනයක් ලබා දීමට කටයුතු කිරීමට යෝජනා විය.

    අතුරු වගා රෝපණ හා බීජ වගාවන් සඳහා පෞද්ගලික අංශ උනන්දු කරමින් කල්බදු ක්‍රමය යටතේ රජයේ ප්‍රයෝජනයට නොගත් ඉඩම් ලබාදීම නුවර එළිය දඹුල්ල, ඇඹිලිපිටිය කැප්පෙටිපොළ ප්‍රදේශවල නව ශිතාගාර ගබඩා පිහිටු වීමට යෝජනා වූ අතර ඒ රුපියන් මිලියන 2000ක් වෙන් කිරීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya