අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැයෙන් “නිර්මාණශීලී විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමයක්“

    නොවැම්බර් 20, 2015

    2016 අයවැය යටතේ සකස් කර තිබෙන්නේ ලද ශූන්‍ය අයවැය සංකල්පය යටතේ වන අතර ඒ තුළින් විශ්‍රාම වැටුප් සහනයන් අඛණ්ඩව ලබා දීමට යෝජනා වී තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    වැඩිවන ජනගහනය සමග වයසට යන ජනගහනයට සමගාමීව නව විශ්‍රම වැටුප් ක්‍රමයක් ඇති කරන බවත් “නිර්මාණශීලි විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමයක්“ ඒ අනුව ඇති කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2016 අයවැය කතාව ඉදිරිපත් කරමින් මීට සුළු මොහොතකට පෙර ඒ බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

    රාජ්‍ය සේවයට එක් වන නිලධාරීන්ට තර්ජනයකින් තොරව පවත්වා ගෙන යා හැකි ආකාරයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කෙරෙනු ඇත.

    ඉහළ ප්‍රමිතියෙන් හා විශ්වාසයෙන් යුතු ප්‍රවාහන සේවාවක් මෙන්ම පරිසර හිතකාමී ලෙස බලශක්ති වැඩපිළිවෙළකට යොමුකරවීම ද නව අයවැය තුළින් යෝජනා වී තීබේ.

    රජයේ ණය කළමනාකරණය තිරසාර තත්ත්වයක පවත්වාගෙන යන බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya