මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත් කරන අමාත්‍ය අනුකමිටුව නම් කෙරේ

    නොවැම්බර් 20, 2015

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල පැවරීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වන ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අමාත්‍ය අනුකමිටුවක් නම් කිරීම අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිදු කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

     

    අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ කැබිනට් රැස්වීමක දී මෙම අමාත්‍ය අනුකමිටුව පත් කළ බවත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු 10දෙනෙකු ඇතුළත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, ඩී.එම්. ස්වාමිනාදන්, ලක්ෂමන් කිරිඇල්ල, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, රිෂාඩ් බදියුදීන්, චම්පික රණවක සහ මනෝගනේෂන් යන මහත්වරුන් මෙම අනුකමිටුව නියෝජනය කරති.

     

    මෙහි ක්‍රියාකාරිත්වය ලබන වසරේ ජුනි මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල පැවරීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වන ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya