මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 අයවැය යෝජනා පිළිබඳ අවසන් පිරික්සුම් කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන්

    නොවැම්බර් 19, 2015

    2016 වසරට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවන් පිළිබඳ අවසන් පිරික්සුම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    මෙහිදී 2016 වසරට අදාළ අයවැය යෝජනාවන් පිළිබඳව ජනාධිපතිතුමා සමඟ  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

     

    මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග, ඇතුලු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    2016 වසරට අදාළ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවෙහි දෙවනි වර කියවීම හෙට (20) දින මුදල් අමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya