ඉදිරියේදී සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත සමුළුව නිශ්චිත න්‍යාය පත‍්‍රයකට සහ කාල රාමුවකට අනුව සිදු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පළමු හමුවේදී කළ ඉල්ලීම පරිදි ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කළ සියලු යෝජනා ඉංගි‍්‍රසි, සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් සියලු පක්ෂවලට ලබාදීමට සභාවේ එකඟත්වය අනුව කටයුතු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.
සත්‍ය ගවේෂණ යාන්ත‍්‍රණය, යුක්ති පූර්ණ යාන්ත‍්‍රණය, හානි පූර්ණ යාන්ත‍්‍රණය සහ වගවීම පිළිබඳ යාන්ත‍්‍රණය මත පදනම්ව අදහස් ලබා ගැනීමට විද්වත් කමිටු කිහිපයක් පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
පළමු සර්ව පාක්ෂික සමුළුවේ දී ගත් තීරණයට අනුව දේශපාලන පක්ෂ විසින් යෝජනාවලීන් 12 ක් ඉදිරිපත් කර තිබුණි.
සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත හමුව සාර්ථක කර ගැනීම සඳහා රජය පොදු එකඟතාවයන් සේම පොදු විරෝධතාද සැලකිල්ලට ගනිමින් ඉතා සංවේදිව මෙම යෝජනා පිළිබඳ සලකා බලන බව ද ජනාධිපතිතුමා පැවසීය.
රජයට, දේශපාලඥයින්ට, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනාට මෙම අවස්ථාව නව අත්දැකීමක් බව පෙන්වාදුන් ජනාධිපතිතුමා රටේ ගෞරවය ආරක්ෂාවන ආකාරයට මෙයට විසඳුම් සෙවිය යුතු බව ප‍්‍රකාශ කළේය.
දැනට සියලු පක්ෂවලට එකඟවිය හැකි අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගනිමින් එකඟවිය නොහැකි අදහස් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එකඟතාවයකට එළැඹීමේ වැදගත්කම ශී‍්‍ර ලංකා කොමියුනිට්ස් පක්ෂයේ නායක ඩියූ ගුණසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු යෝජනා ජනාධිපතිවරයා විසින් වෙන වෙනම පෞද්ගලිකව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව කි‍්‍රයාත්මක කිරීම පමණක් මේ වන විට ඉතිරිව ඇත යන අදහසට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කිරීම නොකළ යුතු බව පෙන්වා දුන් මන්තී‍්‍රවරයා දෙමුහුන් අධිකරණයක් පිළිබඳව කරන යෝජනා ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවද පෙන්වා දුන්නේය.
ජීනිවා යෝජනාවල පසුබිම දෙස බැලු විට එකඟවිය නොහැකි අවස්ථා ගණනාවක් තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.
සර්ව පාක්ෂික සමුළු සංවිධානය කොට වසර තුනක අත්දැකීම් තමාට ඇති බව පැවසූ ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා මෙම සර්ව පාක්ෂික සමුළුව සියලු පක්ෂවලට නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවක් විය යුතු බව ද ප‍්‍රකාශ කළේය. එසේම ගන්නා සියලු තීන්දු තීරණ මෙම සමුළුවේ වන සාකච්ඡා ප‍්‍රකාරව ගතයුතු බව ද පැවසීය.
එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ මෙම සර්ව පාක්ෂික සමුළුව සියලු පක්ෂවලට සිය අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස් වේදිකාවක් බවට පත්කර ඇති බවයි.
ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරමින් අදහස් දැක්වූ පළාත් අමාත්‍ය සෙන්තිල් තොණ්ඩමාන් මහතා ප‍්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුව සාර්ථක කර ගැනීමට වන වගවීම පිළිබඳ ද්‍රවිඩ ජනතාවගේ දැඩි විශ්වාසයක් තිබෙන බවත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කළ මැදිහත්වීමෙන් එය තහවුරු වූ බවත් ය.
ඒ අනුව සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේ කෙරෙන සාකච්ඡා ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වන බවට සුළු ජන කොටස් තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබෙන බව ද ඔහු පැවසීය.
පෙර තිබූ රජයේ න්‍යාය පත‍්‍රයට අනුව මෙම හමුවේ කෙරෙන යෝජනා සිදු නොවිය යුතු බව පෙන්වා දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අලුත් ගමනක් යන විට කලින් කළ වැරදි තේරුම්ගත යුතු බව පෙන්වා දුන්නේය.
දේශපාලන පක්ෂ ජිනිවා යෝජනාව පිළිබඳ දක්වන උනන්දුව ජනවාර්ගික ගැටලුව විසඳීම දක්වා රැගෙන යායුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන්නේය. වෙනම රටක් බිහි කිරීමේ අවශ්‍යතාවය කිසිවෙකුට නොමැති බව පෙන්වා දුන් මන්තී‍්‍රවරයා මෙම රට බහු වාර්ගික, බහු ආගමික රටක් බව සියලුදෙනා පිළිගත යුතු බවත් උතුරේ අය උතුර ඔවුන්ගේ යැයි සිතිමත්, දකුණේ අය මුළු රටම ඔවුන්ගේ යැයි සිතිමේත් ගැටලුව තේරුම්ගත යුතු බව ද පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කර සිටියේ ජිනීවා යෝජනාවලියට අදාළව ඇති කරුණු 20 වෙන වෙනමම අධ්‍යයනය කරමින් එම එක් එක් කරුණට අදාළව තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ අදහස් ලබාදීමට පක්ෂ කටයුතු කිරීම සුදුසු බවයි.
දේශීය යාන්ත‍්‍රණයක් තුළ මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බව පිළිගන්නා බව අවධාරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා විදෙස් විනිසුරුවන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් වන කථිකාව පිළිබඳ රජය ජනතාවට කරුණු පැහැදිළි කළයුතු බව අවධාරණය කළේය.
මානව හිමිකම් කඩකිරිම් සම්බන්ධයෙන් වන පරීක්ෂණවල කාල රාමුව 1985 දක්වාම ගමන් කළයුතු බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී මහතා කියා සිටියේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන විමුක්ති පෙරමුණේ නායක ඞී. සිද්ධාර්ථන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ හදවත් සුවපත් කිරීම රජයේ යුතුකමක් බවයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කැපවීම පිළිබඳ ද්‍රවිඩ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.