විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 2,000කට ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කිරීම සඳහා අද (17) අග්‍රාමාත්‍ය කාර්යාලීය සම්මන්ත්රණ ශාලාවේ දී පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ජාතික රජය යටතේ අප ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කරන්නේ පළමු වතාවට බවත් එස්.බී. නාවින්න ඇමැතිතුමා යටතේ එය ප්රදානය කෙරෙන බවත් නාවින්න ඇමැතිතුමා මේ සඳහා විශාල උනන්දුවක් දක්වා තිබෙන අතර මේ රටේ පුරවැසියන් ලියාපදිංචි කිරීම සඳහා තොරතුරු තාක්ෂණ මාධ්‍ය යොදා ගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,
“ජනවාරි 8 වැනි දා මෙරට ජනතාව යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජන වරමක් ලබා දුන්නා. එම වරම ලබා ගෙන අප යහපාලනය ස්ථාපිත කිරීමට මූලික අඩිතාලම දමමින් සිටිය දී පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වුණා. එම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අපට හැකි වුණා. එමගින් මුළු පාර්ලිමේන්තුවම එකතු කිරීමට හැකියාව ලැබුණා. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුමැතිය ද අපගේ යහපාලනයට ලැබී තිබෙනවා. අප සමග ඉදිරි ගමන යන්නට මෙරට වැසියන් පමණක් නොව, ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ලාංකිකයන් ද එකඟතාවය පළ කර තිබෙනවා. දින 100 වැඩසටහනේ දී ජෝන් අමරතුංග ඇමැතිතුමා යටතේ අප ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කිරීමේ කටයුත්ත ආරම්භ කළා.
බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව අතහැර ගියේ දේශපාලන හේතූන් මතයි. ජාති භේදය නිසා ද බොහෝ අය ශ්‍රී ලංකාව අතහැර ගියා. 1983 ඇති වූ කෝලාහලවලින් පසුව බොහෝ දෙමළ ජනතාව රට අතහැර ගියා. එම නිසා අප රටට වැදගත් පුරවැසියන් පිරිසක් අහිමි වුණා. එමෙන්ම විවිධ දේශපාලන හේතු නිසා සිංහල පුරවැසියන් බොහොමයක් වෙනත් රටවලට සංක්‍රමණය වුණා. ආගමික භේද නිසා මුස්ලිම් ජනතාව විදේශගත වුණා.
මේ රටේ ජනතාවට හොඳ ආර්ථිකයක්, රැකියා, අධ්‍යාපනය ලබා දීමට ඉහත යුගවල දී නොහැකි වූ නිසා තවත් පිරිසක් රට හැර ගියා. එලෙස රට හැර ගිය සියලූ දෙනාම අද නැවත එකතු වී සිටිනවා. ඒ අලූත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහායි. ජාතිවාදය නැති ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහායි. ආගම් භේදය නැති ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහායි. ලොව පුරා විසිරී සිටින විවිධ ජාතීන්ට අප ශ්‍රී ලාංකිකයන් යැයි අභීතව හඬ නැගීමට වරම් ලැබී තිබෙනවා.
අපේ ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය, ඕස්ටේ්රලියාව මෙන්ම ඕනෑම රටකට යනවා නම් එම රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව අපගේ ධජය යටතට එක්රොක් වී අප ශ්‍රී ලාංකිකයන් යැයි ප්‍රකාශ කරනවා. ඒ ආඩම්බරකම එම ජනතාවගේ සිත්වල නොමැකෙන ලෙස සටහන් වී තිබෙනවා. ලොව පුරා විසිරී සිටින සියලූම දෙනාට යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි අප ආරාධනා කරනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මේ ගෙන යන ව්‍යාපාරයට සැමගේ සහයෝගය අවශ්‍යයි. අප මේ රට ගොඩනංවමු. අප මේ රට ඉදිරියට ගෙන යමු. ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ස්ථාපිත කොට යහපත් රටක් ගොඩනැංවීමට අප දරණ වෑයමට සහයෝගය ලබා දෙන්නැයි ද්විත්ව පුරවැසිභාවය ලබාගත් සියලූම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඒ රටවල තිබෙන ප්‍රශ්න නිසා සමහරුන්ට ද්විත්ව පුරවැසි බව ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන්ගෙන් ද අපේ වෑයමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා. “ යන්න ය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ඩී.එම්. ස්වාමිනාදන්, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
SDF