මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබද විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් හෙට

    නොවැම්බර් 17, 2015

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීම පිළිබද විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඉතා කෙටි කලකින් පාර්ලිමේන්තුවට වග කියන නව මැතිවරණ ක‍්‍රමයක් රටට හදුන්වාදීමත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කර ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධින කොමිෂන් සභාවලට පැවරීමත් තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින් 2000 කට ද්විත්ව පුරවැසි සහතික පත‍්‍ර ප‍්‍රදානය කිරීමට අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

     

    මැතිවරණ ප‍්‍රකාශනයෙන් දුන් පෙරොන්දු ඉටු කරමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට අවශ්‍ය සාකච්ඡුා පවත්වමින් සිටින බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා වසර 40 ට වැඩි කාලයක් කථා කරමින් සිටි මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට නව රජය මේ වන විට කටයුතු කර තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    එමෙන්ම මානව හිමිකම්, රාජ්‍ය සේවා, අධිකරණ, අල්ලස් හා දුෂණ වැනි ඉතා වැදගත්වු අංශවලට අදාළව ආයතන පිහිටුවීමටද නව රජය කටයුතු කර තිබෙන බව කියා සිටියේය.

     

    නව රජය බලයට පත්ව වසර 07- 08 ක් ගතව ඇති අයුරින් රජය කළේ කුමක්දැයි අද ඇතැමුන් ප‍්‍රශ්න කරන බව පැවසූ ජනාධිපතිතුමා ජනවාරි 08 වනදා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී පාර්ලිමේන්තුවේ සියලූදෙනාගේ සහයෝගයෙන් 19 වන සංශෝධනය සම්මත කර අගෝස්තු 17 වෙනිදා මහ මැතිවරණය පවත්වා නව කැබිනට් මණ්ඩලයක්ද පත් කරගැනීමේ සියලූ කටයුතු සදහා ගතවී ඇත්තේ මාස 10 ක් වැනි කෙටි කාලයක් බව සිහිපත් කළේය.

     

    එතැනින් නොනැවතී ජනතාවගේ දුගි භාවය තුරන් කිරීම, රටේ නිදහස, සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම, නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම, අන්තර්ජාතික සබදතා වැඩි දියුණු කර ගැනීම, ගොවි ජනතාවගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ඒකපුද්ගල ආදායම වැඩි කිරීම ඇතුථ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් සැලසුම් රැුසක් මේ වන විට නව රජය කි‍්‍රයාත්මක කර ඇති බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට ලැබී ඇති නිදහස තුළ අද බොහෝ දෙනා රජයට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා එදා කථා කිරීමට බිය වූ කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් අද ආණ්ඩුවට විරුද්ධව කථා කරන්නේ එම නිදහස නිසා බව කියා සිටියේය.

     

    කෙසේ වෙතත් ලබාදී ඇති නිදහස භුක්ති විදීමේදී ඉතා සංයමයෙන් සහ වගකීමෙන් එය භුක්ති විද නිදහසේ වැදගත්කම ආරක්ෂා කර ගනිමින් ජාතියේ ඉදිරි ගමන සදහා රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ සමග අවබෝධයෙන් සහ සුහදතාවයෙන් එක්වීම සියලූදෙනාගේ වගකීම බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    රට තුළ සිදු කරන මෙම නව පරිවර්තනවලදී ලෝකයේ සංවර්ධනය වූ රටවල් සමග එක පෙළට සිට ගනිමින් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස රට ගොඩනැගම නව රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා එහිදී මෙම ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදීමේ වැඩපිළිවෙළ ඉතා වැදගත්වනු ඇති බවද ප‍්‍රකාශ කළේය.

     

    ද්විත්ව පුරවැසි සහතික පත් ක‍්‍රමය 1987 වසරේ සිට මෙරට කි‍්‍රයාත්මක වූ අතර මේ වන විට 40,000 කට පමණ එම සහතිකපත් හිමිව තිබේ. නව රජය යටතේ ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදෙන තුන්වන අවස්ථාව මෙය වේ.

     

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, එස්.බී. නාවින්න, ඞී.එම්. ස්වාමිනාදන්, අර්ජුන රණතුංග යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya