මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ ප‍්‍රතිඥා පරිදි ව්‍යවස්ථා සංශෝධන දෙක සඳහා ජනපති කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් කරයි

    නොවැම්බර් 18, 2015

    පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින්,මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ජනතාවට ප‍්‍රතිඥා දුන් පරිදි ප‍්‍රධාන ව්‍යවස්ථා සංශෝධන දෙකකට අදාළ කැබිනට් පති‍්‍රකාව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සහ සමානුපාතික නියෝජිත ඡන්ද ක‍්‍රමය සංශෝධනය කොට වඩාත් ප‍්‍රජාතාන්තී‍්‍රය මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම පිළිබඳ මෙම කැබිනට් පති‍්‍රකා මගින් ජනාධිපතිතුමා යෝජනා කොට තිබේ.

     

    එම යෝජනාව පරිදි අග‍්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමටත් එම අනු කමිටුව මගින් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවටත් ඉන් අනතුරුව නීති කෙටුම්පත් නිළධාරින් මගින් නීති කෙටුම්පතක් සකස් කිරීමට නියම කළයුතු බවටත් මෙහිදී තීරණය කෙරිණි.

     

    මෙම කටයුතුවලදී මේ පිළිබඳ උනන්දුවක් දක්වන අන් දේශපාලන කණ්ඩායම්වල සහ මහජන නියෝජිතයින්ගේ අදහස්ද සැලකිල්ලට ගැනීමට අනු කමිටුව කටයුතු කරනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya