මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

    නොවැම්බර් 08, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (07) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

     

    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳපුදා ගත් අතර අටමස්ථානාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජයනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත් සඳහා ද සහභාගී විය.

     

    පුදබිම වෙත පැමිණ සිටි ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

     

    ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එකත්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya