මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විත්ව පුරවැසි සහතික පිරිනැමීම 17දා ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 08, 2015
    දිවිත්ව පුරවැසි සහතික ප්‍රදානය කිරීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් 17දා පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
     
    ඒ අනුව දිවිත්ව පුරවැසිභාවය අයදුම් කළ 2000ක් පමණ පිරිසකට මෙහිදී ද්විත්ව පුරවැසිභාවය හිමිවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන්ට හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීම හා  මෙරට රැඳී සිටීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීමේ අරමුණෙන් යුතුව ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. 
     
    2011 වසරේ එවකට පැවති රජයේ තීරණයකට අනුව ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම අත්හිටුවා තිබූ අතර 2015 මාර්තු මාසයේ සිට එය යළි ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව,  දැනට දිවිත්ව පුරවැසිභාවය අයදුම් කර ඇති ඒ සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාට අදියර කිහිපයක් යටතේ දිවිත්ව පුරවැසිභාවය පිරිනැමීමට නියමිතය.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එකමුතුවෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලැබේ.  
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya