රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා වගේ 20ත් සම්මත වෙයි කියලා. සියලු දෙනාට එකඟවීමට නොහැකි වුවත් අවම වශයෙන් මූලික කරුණු ටිකට හරි එකඟ වී මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමයි පරමාරථය විය යුත්තේ.
මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එකම ලේඛනය මෙය නොවේ. මෙය මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන සංවාදයේ ආරම්භයයි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය කුමන දිශාවකට ගමන් කරනවා ද රටේ ව්‍යවසනයකට ගමන් කරනවා ද යන්න තීන්දු කරන වැදගත් සාධකයක් ලෙස මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.