නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක මණ්ඩලය ජනතාවට වගකියන ආණ්ඩුවක්

    ජූනි 23, 2015

    ඉදිරියේ පත්වන එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරන බවත් එම ව්‍යවස්ථාදායක මණ්ඩලය ජනතාවට වගකියන ආණ්ඩුවක් වන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සම්බන්ධ විවාදයේදී අදහස් දක්වමිනි.

    අවුරුදු 20ක් පසුගිය ආණ්ඩුව පැවතියා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ. පරාජිත ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙයට එරෙහි ව කුමන්ත්‍රණයක් ගෙන යන බව පෙනෙනවා. විශ්වාසභංගයක් ගෙන එමින්, සිටින අගමැතිවරයා ඉවත් කර ඔවුන්ගේ අගමැතිවරයෙක් පත්කර ගනිමින් මේ සංශෝධනය ස්ථිර කරගන්නා බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

    විපක්ෂය අවංක චේතනාවෙන් ද 20 ගැන කතා කරන්නේ, 20 ගැන කතාකරන්නේ රජයට එරෙහි ව විශාල කුමන්ත්‍රණයක් ගෙන ඒමටයි. එජාපය මූලිකත්වයෙන් ඇති ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්න කැමතියි.

    සංශෝධනය ගෙන ඒමට පෙර අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට එරෙහි ව ගෙන ආ විශ්වාසභංගය ඉවත්කළ යුතුයි.

    මන්ත්‍රී සංඛ්‍යාව 225 විය යුතුයි. කේවල හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක්, මනාප පොරය අහෝසි කළ යුතුයි. කුඩා පක්ෂවල අභිලාෂයන් ඉටුවන ක්‍රමවේදයක් විය යුතුයි.

    එජාපය ජාතික ප්‍රමුඛතාව මත මෙය සම්මත කරගන්නට කැපවෙනවා. මෙහි මන්ත්‍රීවරුන් 225ක් විය යුතුයි. මැතිවරණ ක්‍රමය ඡන්දදායකයාට පහසු, සරල එකක් විය යුතුයි. මැතිවරණ කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයෙක්, කුඩා පක්ෂවල අභිලාෂයන් ඉටුවන මැතිවරණ ක්‍රමයක්, මැතිවරණ වියදම සීමා කිරීම හා ඒවා විනිවිදභාවයෙන් නියාමනය කරන ක්‍රමයක් විය යුතු බව අමාත්‍යවරයා කීය.

    මනාප ක්‍රමය නිසා නොමනා පුද්ගලයන් දේශපාලන ධාරාවට එක් වුණා. මැතිවරණ කොට්ඨාසයක් සඳහා නියෝජිතයෙක් පත් කරගැනීමට නොහැකි වීම නිසා ජනතාව ගැටලුවට පත් වුණා. මනාප ක්‍රමය හඳුන්වා දුන් එජාපයම එය තේරුම් ගනිමින් මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවිධ අංශ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ ක්‍රමය නිසා තම නියෝජිතයන් නඩත්තු කරන්න ජනතාව පිට තව තවත් බර පටවන්න අප එකඟ නෑ යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya