නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සදහම් යාත්‍රා" ධර්ම දේශනා මාලාවේ තෙවැනි වැඩසටහන අම්පාර දීඝවාපී රජ මහා විහාරස්ථානයේ දී

    මැයි 04, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් සෑම පුන් පොහෝ දිනක ම දිවයිනේ ඓතිහාසික විහාරස්ථානයක් කේන්ද්‍රකොට ගෙන පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ වෙසක් පුන් පොහෝ දින ධර්ම දේශනාව ඊයේ (03) පෙරවරුවේ අම්පාර ඓතිහාසික දීඝවාපී රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
     
    ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ධර්ම දේශනාව පවත්වනු ලැබූහ.
     
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ මැති ඇමතිවරු රැසක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටී අතර ප්‍රදේශයේ අතිවිශාල සැදැහැවත් ජනතාවක් ද එක්ව සිටියහ.
     
    ගමේ ජනතාවත් සමග ගමට ගොස් ආගමික වතාවත්වල නිරත වී සමාජයේ නායකයෙක් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    අද පෙරවරුවේ අම්පාර ඓතිහාසික දීඝවාපී රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව විහාරාධිපති පූජ්‍ය නන්නපුරාවේ බුද්ධ රක්ඛිත හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya