දීඝවාපිය පරිවාර චෛත්‍ය මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව විහාරාධිපති පූජ්‍ය පෝද්දිවෙල චන්ද්‍රානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
ජනාධිපතිතුමාගේ පැමිණිම සනිටුහන් කරමින් විහාර භූමියේ පැලයක් රෝපණය කිරීම ද සිදු විය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB