මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීනයේ මහජන කොංග්‍රසය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට පියවර

    මාර්තු 15, 2015

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීන ජාතික මහජන කොංග්‍රසය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    කතානායකවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියාන්ලියැං මහතා පසුගිය දා හමු වූ අවස්ථාවේදීය. මෑත වසර කිහිපයක් තුළ ශ්‍රී ලංකාවේ සහ චීනයේ නීති සම්පාදන ආයතන අතර, අදහස් හුවමාරු නිරන්තරයෙන් සිදු කර ඇති අතර, එමගින් යහපත් ප්‍රතිඵලයක් ලබා ඇති බව චමල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. දෙපාර්ශවයන්ගේ පොදු උත්සාහය ඇති ව ශ්‍රී ලංකා-චීන සම්බන්ධතාව ඉදිරියට වර්ධනය විය හැකි බව තමා විශ්වාස කරන්නේ යැයි ද කතා නායකවරයා එහිදී පැවසීය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියාන්ලියැං මහතා එහිදී පැවසුවේ, දෙරටේ ජනතාවගේ සුබසෙත සැලසීම සඳහා චීනය ශ්‍රී ලංකාව සමඟ එක්ව උපක්‍රමීය හවුල්කාරිත්වයක් ඉදිරියට මෙහෙයවීමට කැමති වන බවයි.

    kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya