මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    මාර්තු 16, 2015
    මේ වන විට අවසන් ජයග්‍රාහි කණ්ඩායම් අට අතරට තේරී පත් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
     
    ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා ඇතුළු කණ්ඩායම සමග ඊයේ (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනැමු අතර 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි ද ප්‍රාර්ථනය කළේය.
     
    එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිට වූ කුමාර සංගක්කාර මහතාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරිම වෙනුවෙන් ඔහුට සිය ස්තූතිය පළ කර සිටියේය.
     
    DB
     
    ඡායාරූප - සුදත් සිල්වා
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya