එම හමුවේදී රුවන් විජේවර්ධන මහතා නව යුද හමුදාපතිවරයාට සුබපැතුම් එක් කළ අතර යුද හමුදාපතිතුමාගේ ඉදිරි රාජකාරී කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සිහිගන්වමින් යුද හමුදාපතිතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හට සමරු ඵලකයක් ද තිළිණ කරන ලදී.
අනතුරුව යුද හමුදාපතිතුමා රාජ්‍ය ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද හමු විය.
බස්නායක මහතා නව යුද හමුදාපතිවරයාට සුබපතා යුද හමුදාපතිතුමාගේ ඉදිරි රාජකාරී කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.
එම හමුව සිහිවීම සඳහා දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
NDH