අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහිදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ගණිත විෂය සමත්වීම අවශ්‍ය නොවුනද රැකියාවකට, වෘත්තියකට, පාඨමාලාවකට, ආයතනයකට හෝ කිසියම් කාර්යයකට අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීමේ අවශ්‍යතාව දක්වා ඇති විටක මෙම සහනය නිසා එම අවශ්‍යතාවෙන් නිදහස් නොවේ. kpm