ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට මහඟු උපකාරයක් වූ මෙම උපකරණ තොගයට හිස් වැසුම් 500ක්, ආරක්ෂක කබා 440ක්, ප්‍රථමාධාර කට්ටල 50ක්, භූගෝලීය සිතියම්ගත කිරීමේ මෘදුකාංග පද්ධති 4ක්, කැමරා 10ක් සහ දත්ත ගබඩා 10ක් ද අඩංගු වේ.
මත්තේගොඩ ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ පිහිට ශ්‍රී ලංකා යුද හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ පැවති උත්සවයෙහි ප්‍රධාන ඉංජිනේරු නිලධාරී මේජර් ජෙනරාල් ලසන්ත වික්‍රමසූරිය මහතා වෙත ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු වන ඇමෙරිකානු නාවික හමුදාවේ ලුතිතන් ඩේවිඩ් චෙසන් සහ චානක ප්‍රනාන්දු යන මහත්වරු මෙම උපකරණ තොගය නිල වශයෙන් භාර දුන්හ.
මෙරට යුද හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පසුගිය වසර ගණනාවක් පුරා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇති ව ඉතා සාර්ථකව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත වෙන ලදී.
NDH/army.lk