නව යුද හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී උත්තමාචාර පෙලපාලියක් ද පැවැති අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව බත්තරමුල්ල යුද හමුදා ස්මාරකය වෙත ගිය ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර ද දැක්වීය. මෙම අවස්ථාව සඳහා හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා ද එක්විය.
1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව 1981 දී දෙවන ලුතිතන්වරයකු ලෙස ඉංජිනේරු බලකායේ හයවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණු ඒ මහතා මේ වනවිට වසර 36ක සේවා කාලයක් සපුරා තිබේ.
යුද හමුදා ඉංජිනේරු බලකාධිපති දක්වා එම බලකායේ සියලු තනතුරු හොබවා ඇති ඒ මහතා යුද හමුදාවේ සැලසුම් අධ්යක්ෂ, මෙහෙයුම් සහකාර අධ්යක්ෂ, යුද හමුදා ලේකම්, ස්වේච්ඡා බලකාධිපති, බටලන්ද මාණ්ඩලික පුහුණු පාසලේ උපදේශක, අණදෙන නිලධාරි හා සේනාවිධායක යන තනතුරු ද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.
ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මහා බ්‍රිතාන්‍ය කැම්බල් ආරක්ෂක විද්‍යාලයේ හා ඉන්දුනීසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන තිබේ. චීනයේ හැන්ජින් හමුදා විද්‍යාලයේත් ඉන්දියාවේ මව් හමුදා විද්‍යාලයේත්, හවායි ආසියා පැසිෆික් යුද මධ්‍යස්ථානයේත් වැඩිදුර පාඨමාලා හදාරා ඇත.
DB