නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර බැහැරලීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය

    පෙබරවාරි 23, 2015
    පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමට සිදු වන අවස්ථාවන්හි දී ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයන් හා මහජනතාව තුළ කැලඹීම් සහගත තත්ත්වයන් ඇතිවන අවස්ථා නිරීක්ෂණය වී තිබේ. එවැනි අවස්ථාවන් අවම කර ගැනීම සඳහා ආහාර පනතට අනුව ආහාර බලධරයන්, බලයලත් නිලධාරීන් හා එවැනි ආහාර සන්තකයේ දරන්නන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ම නිලධාරීන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කටයුතු කර ඇත.
     
    එම නිවේදනයේ දැක්වෙන පරිදි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර සන්තකයේ ඇති සෑම තැනැත්තෙක් ම ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් වහාම තම ප්‍රදේශයේ ආහාර බලධරයා වෙත දැනුම් දිය යුතු අතර එම ආහාර සුරක්ෂිත ආකාරයට සාමාන්‍ය ආහාරවලින් වෙන් ව හඳුනාගත හැකි සේ ගබඩා කිරීමට ද කටයුතු කළ යුතුයි.
     
    මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ප්‍රවාහනය කිරීම දිස්ත්‍රික්කය තුළ නම් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ද දිස්ත්‍රික්ක හෝ පළාත් අතර නම් ප්‍රධාන ආහාර බලධරයාගෙන් ද පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. හදිසි අවස්ථාවන් හිදී අදාළ ප්‍රදේශවල ආහාර බලධාරීන් අතර එකඟත්වයෙන් ප්‍රවාහනය සිදු කර ප්‍රධාන ආහාර බලධරයාගේ ආවරණ අනුමැතිය ලබා ගැනීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බව ද එහි සඳහන් වේ.
     
    මෙහිදී ආහාර බැහැරලීම සඳහා යන වියදම් ආහාර සන්තකය දරන්නා විසින් දැරිය යුතු අතර අවශ්‍ය පහසුකම් ද එම ක්‍රමවේදය නිමවන තුරු සැපයිය යුතු වේ. තවද ප්‍රදේශයේ බලයලත් නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට ආහාර බැහැරලීම හෝ විනාශ කිරීම කළ යුතු අතර ඊට පෙර තොග සම්බන්ධ සවිස්තර වාර්තාවක් සමඟ සන්තකය දරන්නාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු වේ.

    එම සියලු කටයුතු ඉටුකිරීමේදී ආහාර පනතේ අංක 5 හා අංක 15(1) වගන්තිය අනුකූලව කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya