දින 100 වැඩසටහන් හා එහි ප්‍රගතිය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රනය ආරම්භ කිරීමේ උත්සව අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ග්‍රාම නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, අමාත්‍යාංශ යනාදී වශයෙන් එම වාර්තා සකස් කළ යුතු බවත් විසඳුම් නැති ඒවා ඉටු කර දීමට නොහැකි හේතුව ද සෙවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිසාපතිගේ සිට සෑම රජයේ ඉහළ නිලධාරියෙක්ම බදාදාට මහජනතාව හමු විය යුතු බවත් එදිනට ග්‍රාම නිලධාරීන් සිය වසමේ කාර්යාලයේ රැදී සිටිය යුතු බවට යෝජනා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන භේදයෙන් තොරව ගමේ සියලු දෙනා එක් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවුලේ ඉදිරි දැක්ම දින 100හි ප්‍රධාන අරමුණ වන බවත් පෙන්වා දුන්නේය.
දින 100හි විශාල වැඩපිළිවෙළක් තිබෙන බවත් පොරොන්දු වූ පරිදි දින 100 තුළ මනාප ක්‍රමය වෙනස් කිරීම හැර අන් සියලු දේ සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.
kpm