ආණ්ඩුව බලයට ආවේ, මේ රටේ අවනීතිය නැති කරන්නයි. පසුගිය රජය වැඩකළ ලෙස ම වැඩ කරන්න නොවේ මේ රජය පත් වුණේ.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් නීතියේ උත්තරීතරභාවයත් ගොඩනගන්නයි අපි ආවේ. අපිට මැදමුලන ක්‍රමයට මේ ක්‍රියාමාර්ග ගන්න බෑ යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.
PR