ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
"යුද්ධය අවසන් වී සතියක් යන්නටත් මත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අවස්ථාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවට බෑන් කී මූන් මහතා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඔවුන් එම පරීක්ෂණය සිදු කරන තුරු කාලයක් බලා සිටියා. එවැන්නක් සිදු නොවුණු නිසා ඔවුන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා". හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය මුදල් මෙන් ම මහලේකම් කාර්යාලයක් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් නොව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එම අවස්ථාවේ එකඟ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
නීතිවේදීන් මෙන් ම පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රවීණයන් අප රට සතුව ඇති බැවින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
උතුරේ යුද අපරාධ පිළිබඳ ව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට නව රජය ජාත්‍යන්තරයට ප්‍රකාශ කර ඇති අතර එය සඳහා ජාත්‍යන්තරයේ යහපත් ප්‍රතිචාරයක් ද රජය වෙත ලැබී තිබේ.
උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට එහි ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් මහතා ඉදිරිපත් කළ යෝජනාව දෙමළ ජාතික සංවිධානයේ මන්තී‍්‍රවරුන් සියලු දෙනා ඒකමතිකව සම්මත කොට තිබේ. ඒ අනුව අදාළ යෝජනාව ඇතුළත් සංදේශයක් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට යැවීමට ද එහිදී තීරණය කොට තිබේ.
DB