ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
කොළඹ ජනාධිපති මන්දිරය අසල හා කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය අසල පිහිටි රජයේ බැංකු හා පෞද්ගලික බැංකු ආරක්ෂක හේතූන් මත වසා දැමූ අතර පසුව එම ගොඩනැගිලි බොහොමයක් ආරක්ෂක අංශ වෙත පවරා ගන්නා ලදී.
නව රජය බලයට පත්වීමත් සමග කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල මෙතෙක් වසා තබා තිබූ ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ඩෑම් වීදිය ඇතුළු සියලු මාවත් පොදු ප්‍රවාහනය සඳහා විවෘත කරන ලදී.
ඊයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය අනුව කොළඹ කොටුවේ හා කොල්ලුපිටියේ අධි ආරක්ෂිත කලාප තුළ පිහිටි ආරක්ෂක අංශ වෙත පවරා ගන්නා ලද සියළු ගොඩනැගිලි අයිතිකරුවන් වෙත නිදහස් කරනු ලැබේ.