නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ සිදුවන පරිවර්තනයට අමෙරිකාවේ පූර්ණ සහය - ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක

    පෙබරවාරි 09, 2015
    අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රමුඛ අමෙරිකානු රජය විසින් පරිවර්තනීය රටවල් සඳහා සහය ලබාදීමට තීරණය කර තිබෙන අතර ඒ යටතේ ශී‍්‍ර ලංකාවේ සිදුවන පරිවර්තනය සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ශී‍්‍ර ලංකාවේ තවදුරටත් විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බිහිවීම සඳහා අමෙරිකාවේ සහයෝගය දක්වන බවද එරට ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස් මහත්මිය පැවසුවාය.
     
    අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ප‍්‍රමුඛ රජය පරිවර්තනීය රටවල් සඳහා සහාය ලබාදිමට කටයුතු කරනු ලබන බව ප‍්‍රකාශ කරන ඒ මහත්මිය ඒ අනුව 2015 වසරේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපාය මාර්ග කොටසක් ලෙස ශී‍්‍ර ලංකාවට ද ප‍්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කිරීමට අවධානය යොමු කර ඇති බව පෙන්වා දෙයි.
     
    වොෂින්ටන් නුවර බෲකිංස් ආයතනයේ දී ජනාධිපති ඔබාමාගේ යාවත්කාලීන ජාතික ආරක්ෂක ක‍්‍රමෝපාය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුසාන් රයිස් මහත්මිය මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
     
    එහිදී ඇය පෙන්වා දී තිබෙන්නේ ශී‍්‍ර ලංකා නව රජය වඩාත් විවෘත සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නගමින් සිටින බවයි. ඒ අනුව මියන්මාරය සහ ටියුනීසියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයන් සිදුවන රටවල් අතරට ශී‍්‍ර ලංකාව ද අතුළත් කළ හැකි බව කියා සිටි ආරක්ෂක උපදේශකවරිය ශී‍්‍ර ලංකාව වඩාත් විවෘත මෙන්ම ප‍්‍රජානත්ත‍්‍රවාදී සහ වඩාත් පරිපූර්ණ සමාජයක් ගොඩනැගීම සඳහා අමෙරිකාවේ සහාය හිමිවන බවද පවසා ඇත.
     
    බුරුමය, ටියුනීසියාව,මෙන්ම ශී‍්‍ර ලංකාවේද වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ වටපිටාවක් බිහිකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව සුසාන් රයිස් මහත්මිය පෙන්වා දී තිබෙන අතර පශ්චාත් යුද කාලීන ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළක් මෙන්ම පැහැදිලි වගවීමේ කි‍්‍රයාවලියක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත විය යුතු බවද ප‍්‍රකාශ කර තිබේ.
     
    මේ අතර ඇය තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකාව තුළ මෙම පරිවර්තනය සිදුවීම සඳහා අවශ්‍ය ධනාත්මක පියවර රැුසක් නව රජය විසින් ගෙන ඇති බවයි. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya