නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිස්ස අත්තනායක 11තෙක් රිමාන්ඩ් Featured

    පෙබරවාරි 03, 2015
    හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් මෙන් ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
     
    ඊයේ  (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර එහිදී කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් මහතා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට ඇත.
     
    පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කරමින් ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 24දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත සිදුකළ විමර්ශනයක දී අදාළ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගන්නා ලදී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya