නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනපතිට ඇනවුම් කළ කෝටි 208ක සුපිරි ගුවන් යානය අවලංගු කරයි Featured

    පෙබරවාරි 02, 2015
    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී තම පෞද්ගලික භාවිතය සඳහා අනවුම් කරනු ලඳුව ලබන මස මෙරටට ගෙන්වීමට නියමිතව තිබු රුපියල් කෝටි 208ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 16) වටිනා අධි සුඛෝපභෝගි ගුවන් යානය ගෙන්වීම තමා  අවලංගු කළ බව බව ජනාධිපතිවරයා ‍විසින් හෙළි කරන ලදී.
     
    මෙම ගුවන් යානයට අධි සුඛෝපබෝගී  නිදන කාමර හා නාන කාමර ඇතුළු සියලු පහසුකම් ඇතුළත් ව තිබූ බවද අනාවරණය වේ. 
     
    ඒ වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගනීමට තීන්දු කළ බවත් රටේ ධනය කාබාසිනියා කළ හෙලිකොප්ටර් යානා සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන බවත් අත්‍යවශ්‍ය නිල කටයුත්තකදී හැර තමන් හෙලිකොප්ටර් යානා භාවිත නොකරන බවත් තම පවුලේ උදවිය ගමන් බිමන් යෑමට හෙලිකොප්ටර යානා භාවිත නොකරණ බව තමා වගකීමෙන් පවසන බවත් අවධාරණය කළේය. තම පවුලේ අය හෙලිකොප්ටර්වල ගමන් කරන්නේ තමන් ගමන් ගන්නා අවස්ථාවලදී පමණක් බවත් හෙළි කළේය‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya