නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශන වාර්තාව ජීනීවා මානව හිමිකම් සැසිවාරයට

    පෙබරවාරි 01, 2015
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව මාර්තු 2දා ජීනීවාහි පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    28 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය මාර්තු 2දා සිට 27දා දක්වා ජිනීවා හිදී පැවැත්විමට නියමිතය.
     
    2014 මාර්තු මස පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 25 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීම පිළිබඳ යෝජනාව සම්මත කරවාගෙන තිබිණි.
     
    මෙම විමර්ශනයේ දී අවසන් යුද සමයේ ආරක්ෂක අංශ මෙන්ම කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ පිළිබඳ ව අවධානනය යොමු කරන බව සඳහන් කෙරිණි. ඒ අනුව පත් කරන ලද විමර්ශන අංශයට පෙර පැවති ආණ්ඩුව සහය නොදැක් වූ අතර විමර්ශකයන්ට රටට ඇතුළු වීමට අවසර ලබා නොදුන් තත්ත්වය හමුවේ මේ විමර්ශනය සිදු කර ඇත.
     
    පසුගිය සැප්තැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 27 වැනි සැසිවාරයේ දී එම විමර්ශනය පිළිබඳ වාචික ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ලිඛිත වාර්තාව 28 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමයන් පිළිබඳ නව රජය මෙතෙක් ස්ථාවරය පැහැදිළි කර නොමැති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල මහතා මේ දිනවල ජිනීවා හි නිල සංචාරයක නිරත ව සිටියි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya