නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපමය අවවාද 80% සිගරට් පැකට් දවටනයේ

    ජනවාරි 31, 2015

    සිගරට් පැකට්වල 80% දවටනයේ රූපමය අවවාද ඇතුළත් කිරීමට අදාළ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බවද, එම පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කීරීමට නියමිත බවද කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මේ සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය අවවාද ඇතුළත් රූපමය අවවාද මාස හයකට (06) වරක් වෙනස් කළ යුතු බවටත් විධි විධාන සලසා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

     

    දැනට සිගරට් පැකට්වල 60% ක් පමණක් එවැනි රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් වෙයි. ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අමත්‍යවරයා මේ බව පැවසීය.

     

    PRIU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya