මේ අතර සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ ප්‍රධානී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි විසින් ගෞරව සහිතව අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි අග විනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ඊයේ (27) ඉල්ලීමක් ද කරන ලදී.
අගවිනිසුරුට එරෙහිව නොයෙක් දෝෂාරෝපණ එල්ල වී ඇති බැවින් එම ධුරයෙන් ඉවත්ව යාම අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ජාතික වගකීමක් බව මාදුළුවාවේ සෝභිත හිමි එහි දී ප්‍රකාශ කර ඇත. පසුගිය කාලයේ 43වැනි අගවිනිසුරු ශිරාණි බන්ඩාරණායක මහත්මිය අසාධාරණ ලෙස එම ධුරයෙන් පහ කළේය.
මේ අතර ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් පරාජය ට පත්වන බව දැනගෙන කුමන්ත්‍රණයක් මගින් බලයේ රැදී සිටීමට කුමන්ත්‍රණයක් සිදු කළේ යැයි පැවසෙන අවස්ථාවේ දී අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ද අරලියගහ මන්දිරයේ සිටියා යැයි චෝදනා එල්ල වී ඇති බව මාදුළුවාවේ සෝභිත හිමි තවදුරටත් පැවසීය.
එම අවස්ථාවේ වත්මන් අගවිනිසුරුවරයා අරලිය ගහ මන්දිරයේ ජනාධිපති කාර්යාලයේ සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක ඇත.
SDF