පෙබරවාරි පළමුවැනිදා සිට බස් ගාස්තු 8 - 10%ත් අතර අගයකින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය. ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 8 දක්වා අඩු වෙනු ඇත. DB