67වන නිදහස් දින සමරුම් උළෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේදී පැවැත්වීමට කලින් තීරණය කර තිබුණ ද මෙම උත්සවය අඩු වියදම් සහිත චාම් අයුරින් පවත්වනු පිණිස කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.
නිදහස් දින උළෙලට සමඟාමී ව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනය පෙබරවාරි 03දා කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
නිදහස් දිනයට සමඟාමී ව දිස්ත්‍රික් මට්ටමින් ද සැමරුම් උත්සව පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරු විසින් කටයුතු යොදා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්.එම්. දීප්ති ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.