සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආරක්ෂක රා‍ජ්‍ය අමාත්‍යවරයා දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගනී

    ජනවාරි 19, 2015
    ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද නව රජයේ ආරක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් රුවන් විජයවර්ධන මහතා ඊයේ (18) මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවී ආශීර්වාද ලබා ගත්තේය.
     
    පළමුව දළදා මාළිගාවෙහි දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කොට උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වන අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ද පසුව මල්වතු පාර්ශව‍යේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමිපාණන් වහන්සේ හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් යන මහා නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
     
    මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් උතුරු නැගෙනහිර පළාත්වල ඇති ආරක්ෂක හමුදාවන් ඉවත්කිරීම සඳහා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත්, රටේ ආරක්ෂාව සඳහා ඒවා ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන බවත් දන්වා සිටි අතර රටේ ජීවත්වන සියලු ම ජන කොටස්වල ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද අවධාරණය කර සිටියේය.
     
    රටේ ආරක්ෂාව සඳහා සෑම පළාතක ම හමුදා භට පිරිස් ස්ථානගත කර තැබීමේ කිසිඳු වරදක් නැති බව සඳහන් කළ මහ නායක ස්වමීන් වහන්සේලා එය පැසසුමට ලක් කළ අතර මව්බිමේ ආරක්ෂාව ගැන සිතා සුදුසු පරිදි එකී කටයුතු සිදුකරගෙන යන ලෙස නව අමාත්‍යවරයාට දන්වා සිටින ලදී.
     
    එසේම නව අමාත්‍යංශය ය‍ටතේ තමාට විශාල වගකීමක් පැවරී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ යටතේ ඉදිරියේදී රටේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, රට බේරා ගැනීම සඳහා දිවි හිමියෙන් ක්‍රියාකරන ලද රණ විරුවන් හා ආබාධිත රණ විරුවන් ද ඔවුන‍්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණපාන ගැටලු පිළිබඳ ව ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කරන බවත්, ත්‍රිවිධ හමුදාවේ සියලු ම සාමාජිකයනට තම වෘත්තියේ අභිමානය හා ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි අවශ්‍ය සියලු ම කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා තවදුරටත් අවශ්‍ය කරුණු ලබා දෙන බවද ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ම‍නෝ පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයීය මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ඇතුලු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya