නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100යේ වැඩපිළිවෙළට සන්ධානයේ සහය

    ජනවාරි 12, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කොට ඇත.
     
    පසුගිය දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කොට ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, හිටපු ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya