සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන් ඒකනායක අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට

    ජනවාරි 11, 2015
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යේෂ්ඨත ම නිලධාරියකු ලෙස සැලකෙන සමන් ඒකනායක මහතා පත් කර තිබේ.
     
    යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු යන අමාත්‍යංශ ගණනාවක ම තනතුරු දරා ඇති ඒකනායක මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ගෞරව උපාධිධරයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
     
    මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මහලේකම් ලෙසත් මහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු ලෙසත් සේවය කර ඇති ඒකනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාස වැඩපිළිවෙළෙහි ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස නව තනතුර බාරගන්නා තෙක් ම කටයුතු කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya