සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් නිල රාජකාරි අරඹයි

    ජනවාරි 11, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මහතා අද (11) සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
     
    ආගමික වතාවත්වලින් අනතුරුව සිය ධුරයේ රාජකාරි ඇරඹු බස්නායක මහතා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින අනෙකුත් ආයතනවල ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් ඇමතීම ද සිදු කළේය.
     
    මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ නව ආරක්‍ෂක ලේකම්වරයා තමා පරිපාලන සේවයේ දශක තුනකට අධික පලපුරුද්දක් ඇති නිලධාරියෙක් බවත් යුද හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණුවීම් කටයුතු පිළිබඳ ව රාජකාරි ඉටුකර ඇති බවත් නව රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. තවද රටේ පවතින සාමය ඒ අයුරින් ම පවත්වා ගැනීමටත් ත්‍රිවිධ හමුදාවන් සහ පොලීසිය මෙන් ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් දේශයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාකර ගැනීමටත් තමා කැපවී ක්‍රියා කරන බවත් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
     
    රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන බස්නායක මහතා මීට පෙර පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
     
    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් රැසක් සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya