2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කරන කාලය තුළ ඒ සඳහා බලපෑම් එල්ල විය හැකි කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
ජංගම මුර සංචාර ඇතුළු විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවත් පශ්චාත් මැතිවරණ සමයේ ද සියලු ම ප්‍රදේශවලට උපරිම ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
DB